Server sync... Block time in database: 1615391772, server time: 1669494191, offset: 54102419

නිදහස් කුරුල්ලා සහ සිර වූ මම


photo_2022-03-11_20-00-26.jpg

කොළඹ ආවත් මම දවසක් ඇර දවසක් වගේ office එකට යන්නෙ. ඉතිරි දවස් බෝඩිමේ ඉඳන් වැඩ. එහෙම දවසට මුලින්ම මම කරන්නෙ කාමරේ තියන ජනෙල් දෙක ඇරගන්න එක. මොකද උදේ පාන්දර විතරයි මේ පැත්තෙ පිරිසිදු වාතය ටිකක් ආග්‍රහණය කරගන්න පුළුවන්. අනෙක් කාරණය මේ ජනේලෙන් එහා පැත්තේ තියන අල්ලපු ගෙදර හරිම සුන්දර ගස් වලින් වටවෙච්ච මිදුලට මම හරි අසයි. මම ඉන්න ගෙදර කොච්චර ලස්සන වුණත් මගේ හිත ගත්ත මිදුල තිබුණේ එහාගෙදර.

පුංචි ඉඩ කඩක් වුණත් ඒ ගෙදර හැම වර්ගෙම පැල ගොඩක් තියනව ගේ වටේට. ලස්සන මල් වර්ග පළතුරු එහෙම මට පේනවා. ඉතින් ඒ හින්දම අපේ ගෙදර ඇහෙනව හා සමානවම කුරුල්ලොන්ගේ ලේනුන්ග් සද්දෙ මේ කාමරේ ඉදන් මට අහන් ඉන්න පුළුවන්.

photo_2022-03-11_19-57-35.jpg

ඉතින් මේ ඇරල තියන ජනෙල් වලින් ඇතුලෙ හිර වෙලා ඉන්න මේ සතා බලන්න ගොඩක් වෙලාවට එන කෙනෙක් තමයි කොණ්ඩ කුරුල්ලා. සැරේකට ජනෙල් පියන උඩ වාඩිවෙනවා. තව වෙලාවකට යකඩ grill එක උඩ. සමහර වෙලාවට වැට උඩ ඉඳන් කාමරේ ඉන්න මන් දිහා එයා බලන් ඉන්නව.

කාමරේ ලඟම තියන අනෝදා ගහේ තිබුණ අනෝදා ගෙඩිය පහුගිය දවසෙ හොඳ කොළ පාටට තිබුණ මට හොඳට මතකයි. අද අහම්බෙන් ගහ දිහා බලද්දි තමයි දැක්කේ නටුවෙන් එල්ලෙන සුදුපාට ගෙඩියක්. බලද්දි පොත්ත සම්පුර්ණයෙන්ම අයින් කරගෙන හැමෝම එකතුවෙලා අනෝදා ගෙඩිය කාල.

photo_2022-03-11_19-57-41.jpg

එක අතකට මෙහෙම දෙයක් වත් නොතිබුනා නම් කොහොමද දවසක් ගෙවාගන්නෙ. කුරුල්ලෝ නිදහසේ එහෙ මෙහෙ යන එක වාසනාවක්. මොකද අපි හැමදාම කරන්නෙ හිර වෙලා ඉන්න කුරුල්ලෙක් ගෙ ලස්සන බලල ටිකකින් අනේ පවු කියන එකනෙ. ඉතින් මේ කුරුල්ලොත් මම දිහා බලල එහෙම කියනවා ඇති. කොහොම වුණත් කුරුල්ලෙක් දිහා බලන් ඉඳල ස්වභාවික එළියෙන් වැඩ කරන්න කවදත් මම ආසයි. පාන් ගෙඩියෙ ඉඳන් රුපියල් 100 ක් වෙන රටක ඉතින් කුරුල්ලෙක් වුණා නම් මීට හොඳයි තමයි.

photo_2022-03-11_20-00-22.jpg

5% to sl-charity


Comments 8